YouVersion Logo
Search Icon

1 ලේකම් 7

7
ඉස්සාකර් ගෝත්‍ර වංශය
1ඉස්සාකර්ගේ පුත්‍රයෝ:
තෝලා, පුවා, යාෂුබ් හා ෂිම්රෝන් යන හතරදෙනා ය.
2තෝලාගේ පුත්‍රයෝ:
උස්සී, රෙෆායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් හා ෂෙමුවෙල් ය. ඔවුහු තමන්ගේ පියවංශවල ප්‍රධානීහු ය. දාවිත්ගේ දවස්වලදී ‍තෝලාගෙන් පැවත එන්නෝ අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ ගණන විසිදෙදහස් හයසීයකි.
3උස්සීගේ පුත්‍රයා:
ඉස්රහියා ය.
ඉස්රහියාගේ පුත්‍රයෝ:
මිකායෙල්, ඔබදියා, යෝවෙල් හා ඉෂ්ෂීයා ය. ඒ පස්දෙනා ම ප්‍රධානීන් වූහ. 4ඔවුන් සමඟ ඔවුන්ගේ පියවංශ පෙළපත් අනුව, යුද්ධ කරන භටයින් තිස් හයදාහකි. මන්ද ඔවුනට බොහෝ භාර්යාවන් ද පුතුන් ද සිටියහ.
5ඉස්සාකර්ගේ සියලු පවුල්වලට අයිති නෑයින් අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ මුළු ගණන අසූහත් දහසකි.
බෙන්යමින් ගෝත්‍ර වංශය
6බෙන්යමින්ගේ පුතුන් තිදෙනා:
බෙලා, බෙකෙර් හා යෙදීයයෙල් ය.
7බෙලාගේ පුත්‍රයෝ:
පියවංශවල ප්‍රධානීන් වූ එස්බොන්, උස්සී, උස්සියෙල්, යෙරීමොත් හා ඊරී යන පස්දෙනා ය. ඔවුන්ගේ පරම්පරා ලේඛනයෙහි රණශූරයින් විසිදෙදහස් තිස්හතරක් සිටියහ.
8බෙකෙර්ගේ පුත්‍රයෝ:
සෙමීරා, යෝවාෂ්, එලියේසර්, එල්යෝවේනයි, ඔම්රී, යෙරේමොත්, අබියා, අනාතොත් හා ආලෙමෙත් ය. ඒ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය. 9ඔවුන්ගේ පරම්පරා ලේඛනයට අනුව පියවංශවල ප්‍රධානීන් ද රණශූරයින් ද විසිදහස් දෙසීයක් වූහ.
10යෙදීයයෙල්ගේ පුත්‍රයා:
බිල්හාන් ය.
බිල්හාන්ගේ පුත්‍රයෝ:
යෙවූෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, සේතාන්, තර්ෂිෂ් හා අහිෂාහර් ය. 11යෙදීයයෙල්ගේ ඒ පුතුන් සියල්ලෝ ම පියවංශවල මූලිකයෝ ය. යුද්ධයට යා හැකි රණශූරයින් දාහත්දහස් දෙසීයක් ඔවුන්ට වූහ.
12ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂීම්, අහේර්ගේ පුත්‍රයා ය.
නෆ්තලී ගෝත්‍ර වංශය
13නෆ්තලීගේ පුත්‍රයෝ:
බිල්හාගේ දරු පරපුර වූ යාසීයෙල්, ගුනී, යේසෙර් හා ෂල්ලූම් ය.
මනස්සේ ගෝත්‍ර වංශය
14මනස්සේගෙන් පැවත එන්නෝ:
අස්රියෙල් බිහි කළේ ඔහුගේ අරාමීය අතිරේක බිරිඳ ය; ඈ මාකීර් ද බිහි කළා ය. ඔහු ගිලියාද්ගේ පියා ය. 15මාකීර්, හුප්පීම්වරුන් හා ෂුප්පීම්වරුන් අතරින් බිරිඳක ආවාහ කර ගත්තේ ය. ඔහුගේ සහෝදරියගේ නම මයකා ය. ඔහුගෙන් පැවත එන තවකකු නම් සෙලොෆෙහාද් ය. ඔහුට සිටියේ දූවරුන් පමණකි. 16මාකීර්ගේ බිරිඳ මයකා පුතකු බිහි කර, ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ: ඌලාම් හා රාකෙම් ය.
17ඌලාම්ගේ පුත්‍රයා:
බෙදාන් ය.
මනස්සේගේ පුත්‍ර, මාකීර්ගේ පුත්‍ර, ගිලියාද්ගේ පුත්‍රයෝ මොවුහු ය.
18ඔහුගේ සහෝදරිය හම්මොලෙකෙත්, ඊෂ්හොද් ද අබියෙසෙර් ද මාලා ද බිහි කළා ය.
19ෂෙමීදාගේ පුත්‍රයෝ:
අහියාන්, ෂෙකෙම්, ලික්හි හා අනියාම් ය.
එප්‍රායිම් ගෝත්‍ර වංශය
20එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ:
ෂුතෙලා ය, ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය,
ඔහුගේ පුත්‍රයා තහත් ය, ඔහුගේ පුත්‍රයා එලෙයාදා ය,
ඔහුගේ පුත්‍රයා තහත් ය, 21ඔහුගේ පුත්‍රයා සාබාද් ය.
ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය.
(ඒසෙර් හා එලෙයාද් දේශයේ උපන් ගාත්හි මිනිසුන්ගේ සත්ව සම්පත් පැහැර ගන්නට ගිය විට, ඒ මිනිස්සු ඔවුන් මරා දැමූහ. 22ඔවුන්ගේ පියා වූ එප්‍රායිම් ඔවුන් උදෙසා බොහෝ දවස් වැලපුණේ ය. ඔහුගේ නෑයෝ ඔහු සනසන්නට පැමිණියහ. 23ඉන්පසු ඔහු තම බිරිඳ හා යළි එක් වූ කල, ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු තම පවුලට අභාග්‍ය පැමිණ තිබූ නිසා, ඔහුට බෙරියා#7:23 බෙරියා එනම් අභාග්‍යය යන නම තැබී ය. 24ඔහුගේ දියණිය ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරෝන් ද උස්සේන්-ෂෙයෙරා ද ගොඩ නැගුවා ය.)
25ඔහුගේ පුත්‍රයා රෙෆා ය. ඔහුගේ පුත්‍රයා#7:25 ඔහුගේ පුත්‍රයා යන වචන හෙබ්‍රෙව් පිටපත්වල දැකිය නො හැක. ඇතැම් ග්‍රීක පිටපත්වලට අනුවයි. රෙෂෙෆ් ය.
ඔහුගේ පුත්‍රයා තෙලා ය. ඔහුගේ පුත්‍රයා තහන් ය.
26ඔහුගේ පුත්‍රයා ලාදාන් ය. ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය.
ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය. 27ඔහුගේ පුත්‍රයා නූන්#7:27 හෙබ්‍රෙව් ලියවිල්ලෙහි නෝන් ලෙස ඇත. ය.
ඔහුගේ පුත්‍රයා යෝෂුවා ය.
28ඔවුන්ගේ දේපොළ හා වාස භූමි නම් බෙතෙල් හා ඒ අවට ගම් ද නැගෙනහිර දෙසට නාරාන් ද බස්නාහිර දෙසට ගෙසෙර් හා එහි ගම් ද අය්යා හා එහි ගම් දක්වා වූ ෂෙකෙම් හා එහි ගම් ද වේ. 29තවද මනස්සේ දේශ සීමා ඔස්සේ බෙත්-ෂෙයාන් ද තානක් ද මෙගිද්දෝ ද දෝර් හා ඒවායේ ගම් ද වේ. ඉශ්‍රායෙල්ගේ පුත් යෝසෙප්ගෙන් පැවත එන්නෝ ඒ නගරවල වාසය කළහ.
ආෂෙර් ගෝත්‍ර වංශය
30ආෂෙර්ගේ පුත්‍රයෝ:
ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී හා බෙරියා ය. ඔවුන්ගේ සහෝදරිය සෙරා ය.
31බෙරියාගේ පුත්‍රයෝ:
හෙබෙර් හා මල්කියෙල් ය. ඔහු බිර්සායිත්ගේ පියා ය.
32හෙබෙර්, යෆ්ලේට්, ෂෝමෙර්, හෝතාම් හා ඔවුන්ගේ සහෝදරිය වූ ෂුවාගේ පියා ය.
33යෆ්ලේට්ගේ පුත්‍රයෝ:
පාසක්, බිම්හාල් හා අෂ්වාත් ය.
ඔවුහු යෆ්ලේට්ගේ පුත්‍රයෝ ය.
34ෂෙමෙර්ගේ පුත්‍රයෝ:
අහී, රෝගා#7:34 රෝගා හෙවත් ඔහුගේ සහෝදර ෂෙමෙර්ගේ පුත්‍රයෝ: රෝගා, හුබ්බා හා අරාම් ය.
35ඔහුගේ සහෝදර හෙලෙම්ගේ පුත්‍රයෝ:
සෝෆා, ඉම්නා, ෂේලෙෂ් හා ආමාල් ය.
36සෝෆාගේ පුත්‍රයෝ:
සුවා, හර්නෙෆෙර්, ෂූවාල්, බේරී, ඉම්රා, 37බෙසෙර්, හෝද්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් හා බෙයේරා ය.
38යෙතෙර්ගේ පුත්‍රයෝ:
යෙෆුන්නෙ, පිස්පා හා අරා ය.
39උල්ලාගේ පුත්‍රයෝ:
ආරා, හන්නීයෙල් හා රිසියා ය.
40ඒ සියල්ලෝ ආෂෙර්ගෙන් පැවත එන පියවංශ ප්‍රධානීහු ය. උතුම්, අභීත රණශූරයෝ ය. කීර්තිමත් නායකයෝ ය. ඔවුන්ගේ පෙළපතට ඇතුළත් යුද්ධයට සූදානම්වූවන්ගේ ගණන විසිහය දහසකි.

Currently Selected:

1 ලේකම් 7: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in