1 ලේකම් 7:6-12
1 ලේකම් 7:6-12 SCV
බෙන්යමින්ගේ පුතුන් තිදෙනා: බෙලා, බෙකෙර් හා යෙදීයයෙල් ය. බෙලාගේ පුත්‍රයෝ: පියවංශවල ප්‍රධානීන් වූ එස්බොන්, උස්සී, උස්සියෙල්, යෙරීමොත් හා ඊරී යන පස්දෙනා ය. ඔවුන්ගේ පරම්පරා ලේඛනයෙහි රණශූරයින් විසිදෙදහස් තිස්හතරක් සිටියහ. බෙකෙර්ගේ පුත්‍රයෝ: සෙමීරා, යෝවාෂ්, එලියේසර්, එල්යෝවේනයි, ඔම්රී, යෙරේමොත්, අබියා, අනාතොත් හා ආලෙමෙත් ය. ඒ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ පරම්පරා ලේඛනයට අනුව පියවංශවල ප්‍රධානීන් ද රණශූරයින් ද විසිදහස් දෙසීයක් වූහ. යෙදීයයෙල්ගේ පුත්‍රයා: බිල්හාන් ය. බිල්හාන්ගේ පුත්‍රයෝ: යෙවූෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, සේතාන්, තර්ෂිෂ් හා අහිෂාහර් ය. යෙදීයයෙල්ගේ ඒ පුතුන් සියල්ලෝ ම පියවංශවල මූලිකයෝ ය. යුද්ධයට යා හැකි රණශූරයින් දාහත්දහස් දෙසීයක් ඔවුන්ට වූහ. ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂීම්, අහේර්ගේ පුත්‍රයා ය.


