1 ලේකම් 7:1-5
1 ලේකම් 7:1-5 SCV
ඉස්සාකර්ගේ පුත්‍රයෝ: තෝලා, පුවා, යාෂුබ් හා ෂිම්රෝන් යන හතරදෙනා ය. තෝලාගේ පුත්‍රයෝ: උස්සී, රෙෆායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් හා ෂෙමුවෙල් ය. ඔවුහු තමන්ගේ පියවංශවල ප්‍රධානීහු ය. දාවිත්ගේ දවස්වලදී තෝලාගෙන් පැවත එන්නෝ අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ ගණන විසිදෙදහස් හයසීයකි. උස්සීගේ පුත්‍රයා: ඉස්රහියා ය. ඉස්රහියාගේ පුත්‍රයෝ: මිකායෙල්, ඔබදියා, යෝවෙල් හා ඉෂ්ෂීයා ය. ඒ පස්දෙනා ම ප්‍රධානීන් වූහ. ඔවුන් සමඟ ඔවුන්ගේ පියවංශ පෙළපත් අනුව, යුද්ධ කරන භටයින් තිස් හයදාහකි. මන්ද ඔවුනට බොහෝ භාර්යාවන් ද පුතුන් ද සිටියහ. ඉස්සාකර්ගේ සියලු පවුල්වලට අයිති නෑයින් අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ මුළු ගණන අසූහත් දහසකි.


