YouVersion Logo
Search Icon

සෙකරියා 1:17-21

සෙකරියා 1:17-21 SNRV

“කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.” මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය. “එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කම්මල්කාරයන් සතරදෙනෙකු පෙන්වූ සේක. “මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඬලීමට ය”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to සෙකරියා 1:17-21