සලමොන්ගේ ප්‍රඥාව 10
10
ප්‍රඥාව මඟින් රැකවරණය
1මිනිස් වර්ගයාගේ පියා වූ මවනු ලැබූ පළමු මිනිසා තනි ව මවන ලදී.
ඔහුගේ රැකවල්කරු ප්‍රඥාව වූවා ය.
ඈ ඔහු පවින් මුදාගත්තා ය.
2සියල්ල පාලනය කිරීමට ඈ ඔහුට ශක්තිය දුන්නා ය.
3එක් මිනිසෙක් සිය උදහසින් පවිටුවෙකු වී, ඇය එපා කළ පසු ඔහු තම සහෝදරයා සමඟ විරුද්ධ ව ඇති කරගත් කෝපාග්නියෙන් නැසී විනාශ විය.
4ඔහුගේ පාපය නිසා පොළොව ජල ගැල්මට යට වූ විට කුඩා ලී කොටයක් උඩ සිටි දැහැමි මිනිසෙකු හට මඟ පෙන්වමින් ඒ මිනිසා යළි මුදාගත්තේ ප්‍රඥාව විසින් ය.
5යළි දුෂ්ටකමට පංගුකාරයන් වී ජාතීන් අවුල්වියවුල්වලට භාජන වූ විට දැහැමි මිනිසෙකු තෝරාගන්නා ලද්දේ ප්‍රඥාව විසින් ය.
දැහැමි මිනිසෙක් දෙවිඳුන් අබිමුව නිදොස් කෙනෙකු ලෙස ප්‍රඥාව විසින් ආරක්ෂා කරන ලදී.
සිය දරුවා කෙරෙහි වූ අනුකම්පාව ඉදිරියේ ප්‍රඥාව ඔහු දිරිමත් කළා ය.
6නගර පහ මත ගිනි වැසි වසින විට දැහැමි මිනිසෙකු පලා යද්දී, අභක්තිකයන් මිය යද්දී ඔහු ගළවා ගත්තේ ප්‍රඥාව විසින් ය.
7පවිටු මඟට විරුද්ධ ව සාක්ෂ්‍ය දරමින්, ඒ දේශය තවමත් දුම් දමයි.
එහි ඇති පැළෑටිවල පල කිසි දා නොපැසෙයි.
අවිශ්වාස කෙනෙකුට ඉදිකළ සිහිවටනයක් වන ලුණු කණුවක් එහි පිහිටා ඇත.
8ප්‍රඥා මඟ ඉවත ලූ බැවින් යහපත පිළිබඳ දැනුම ඔවුන්ට නැතිවිය.
ඔවුන්ගේ අපරාධ නොනස්නා ලෙස ප්‍රකාශ වන ලෙස ඔව්හු ඔවුන්ගේ මෝඩකම පිළිබඳ සිහිවීමක් ඇත්තෙන් ම ලොවට තබා ගියෝ ය.
9ප්‍රඥාව ඇගේ සේවකයන් කරදරවලින් මිදුවා ය.
10දැහැමියා සිය සොහොයුරාගේ කෝපයෙන් පලා යන විට ඔහුට යහ මඟ යාමට මඟ පෙන්වන ලද්දේ ප්‍රඥාව විසින් ය.
ඈ ඔහුට දේව රාජ්‍යය පෙන්වා දී ශුද්ධ දේ ගැන දැනුම දුන්නා ය.
ඈ ඔහුට තම ශ්‍රමයේ ඵල ලබා දී තම වෙහෙසමහන්සියේ ප්‍රතිඵල දුන්නා ය.
11පීඩාකාරී මසුරු මිනිසුන්ගෙන් මිදීමට ඈ ඔහුට සහාය දී ඔහු ධනවත් කළා ය.
12ඈ ඔහු සතුරන්ගෙන් ආරක්ෂා කොට ඔවුන් ඔහුට ඇටවූ උගුල්වලින් ඔහු ගැළෙව්වා ය.
බැතිමත්කම සියල්ලට වඩා ශක්තිමත් බව පෙන්වා දෙන පිණිස දැඩි සටනක දී ඈ ඔහුට ත්‍යාගයක් ප්රදානය කළා ය.
13දැහැමියා විකුණනු ලැබූ විට ඈ ඔහු අත් නොහැර ඔහු පවින් නිදොස් කොට තබාගත්තා ය.
14ඈ ඔහු සමඟ අඳුරු හිර ගෙයට ගියා ය.
ඔහුගේ සිර විලංගුවල ඔහු අත් නොහැර රාජ්‍යයක ජයකොන්තය ද සාහසික අධිපතීන් කෙරෙහි බලය ද ඔහුට ලබා දී ඔහුට චෝදනා කළ අය බොරුකාරයන් බව පෙන්වා ඔහුට සදා ගෞරවය දුන්නා ය.
නික්මයාම සිද්ධියෙහිදී ප්‍රඥාවේ මඟපෙන්වීම
15පීඩාකාරී ජාතියකින් ශුද්ධ වූ සෙනඟක් ද නිදොස් වංශයක් ද ප්‍රඥාව විසින් ගළවාගන්නා ලදී.
16ඈ සමිඳුන්ගේ සේවකයාගේ ආධ්‍යාත්මයට ඇතුළු වී අරුමපුදුම දේ හා ලකුණු පෙන්වා බියජනක රජුන්ට විරුද්ධ ව නැඟී සිටියා ය.
17සැදැහැවතුන් හට ඔවුන්ගේ ශ්‍රමයේ වේතනය ඈ දානය කළා ය.
ඈ පුදුම මඟකින් ඔවුන් ගෙන ගියා ය.
ඈ දිවා කාලයේ ඔවුන්ට රැකවරණය වූවා ය;
රෑ කාලයේ ඔවුන්ට තරු එළිය වූවා ය.
18ඈ ඔවුන් රතු මුහුද මැදින් ගෙන ගොස් මහා ජලස්කන්ධයක් මැදින් ඔවුන්ට මඟ පෙන්වූවා ය.
19ඈ ඔවුන්ගේ සතුරන් රළ පතරේ ගිල්ලෙව්වා ය.
ඉන්පසු මුහුදු පත්ලෙන් ඔවුන් පිටත දැමුවා ය.
20මෙසේ දැහැමියෝ නොදැහැමියන් කොල්ලකෑවෝ ය.
ස්වාමීනි, ඔව්හු ඔබේ සුවිශුද්ධ නාමය උසස් ලෙස වර්ණනා කළෝ ය.
රැකවරණය දෙන ඔබේ හස්තය ඒකමතික ව පැසසුවෝ ය.
21මන්ද, ප්‍රඥාව ගොළුවන්ගේ මුඛ විවෘත කළා ය.
සිඟිත්තන් හට කතාවේ වරය දුන්නා ය.
Currently Selected:
සලමොන්ගේ ප්‍රඥාව 10: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: