ප්‍රේම ගී 4
4
පෙම්වතා
1මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය;
එසේ ය, ඔබ රුව ඇත්තී ය.
ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය.
ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
2ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදු ය.
එකක්වත් අඩු නැත, මනා සේ ගැළපී ඇත.
3ඔබේ තොල් රතු නූල් මෙන් ය.
ඔබේ මුඛය ශෝභමාන ය.
ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.
4ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.
5ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය.
6දවාල සිසිල් වී සෙවණැලි පහ ව යන තුරු, මම ගන්ධ රස කන්දටත්, තුවරලා හෙලටත් යන්නෙමි.
7මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය;
කැළලක් නැත්තී ය.
8මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.
9මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
10මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද?
ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද?
11මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි.
ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ.
ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.
12මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනක් ය;
වසා තිබෙන ළිඳක් ය;
මුද්‍රා කර තිබෙන උල්පතක් ය.
13එහි ගස් වැඩෙන්නේ ය;
ඒවා දෙළුම් උයනක් වැනි ය;
එහි ඉතා හොඳ ඵල හටගන්නේ ය.
14ජටාමාංශ හා කුංකුමත්, වදකහ සහ කුරුඳුත්, සෑම තුවරලා ගසුත්, ගන්ධරස හා අගිල් ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍ය ද දරන ගසුත් එහි වැඩෙන්නේ ය.
15දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.
පෙම්වතී
16එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න;
දකුණු සුළඟ, එන්න.
මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න.
මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!
Currently Selected:
ප්‍රේම ගී 4: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: