YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 1:1-6

රූත්ගේ කථාව 1:1-6 SNRV

වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය. ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ. එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි. ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ. ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය. ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 1:1-6