YouVersion Logo
Search Icon

රෝම 16:17-20

රෝම 16:17-20 SNRV

සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න. එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති. සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි. ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.

Free Reading Plans and Devotionals related to රෝම 16:17-20