එළිදරව්ව 7:2-4
එළිදරව්ව 7:2-4 SNRV
එවිට තවත් දේව දූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, “අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ.





