ගීතාවලිය හැඳින්වීම
හැඳින්වීම
ගීතාවලිය වනාහි හෙබ්‍රෙව් ජනතාවගේ නමස්කාරයට හා භාවනා ජීවිතයට අයත් උදාර කෘතියෙකි. ප්‍රසිද්ධ නමස්කාරය සඳහා අවශ්‍ය ස්තෝත්‍ර සහ පෞද්ගලික යාච්ඤා යන අංග දෙක ම මෙහි දක්නට ඇත.
ජෙරුසලමෙහි රජු මහ දෙව් මැදුරේ දී ද වන්දනා ගමන්වල දී ද දෙවිඳාණන්ට තුති පැසසුම් දීම එහි ප්‍රමුඛ ලක්ෂණය යි.
මෙහි සඳහන් ගීත, පහත දැක්වෙන පරිදි, ප්‍රධාන කොටස් පහකට වර්ග කළ හැකි ය:
1. ස්තෝත්‍ර හා නමස්කාර ගීත 8, 19, 29, 33, 65, 96, 98, 100, 103, 104 ආදිය.
2. ජාතික ආයාචනා ගීත 44, 74, 79, 80, 83 ආදිය.
3. රාජකීය ගීත 2, 18, 20, 21, 45, 72, 101 ආදිය.
4. පාපෝච්චාරණ හා ආයාචනා ගීත 3, 5, 6, 7, 13, 17, 22, 51, 120 ආදිය.
5. තුති පැසසුම් ගීත 30, 32, 34, 41, 66, 92, 138 ආදිය.
මහ දෙව් මැදුරේ නමස්කාරය පිණිස උසස් සංගීත කලාවක් ද, වාදක මණ්ඩලයක් ද මැනවින් සංවිධාන ව තිබුණු බව පෙනේ. මේ ගීත ගෙතූ බැතිමතුන්ගේ හැඟීම්වල ගාම්භීරත්වය ද භක්තිය ද, කාව්‍යමය ලක්ෂණ ද අති උදාර ය.
ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන්හි දී ද ඉගැන්වීම්වල දී ද ගීතාවලියෙන් සපයා ගත් කියුම් සඳහන් කළ බව ද කිව යුතු ය. කන්ද උඩ දේශනාවේ කියුම්වල ගීතාවලියේ ආභාසය බෙහෙවින් පිළිබිඹු වී ඇත (6:8; 24:3-4; 37:11; 48:2). කුරුසිය මත අවසාන මොහොතේ උන් වහන්සේ පැවසූ කියමනක් ද පෙනේ (22:1). මෙවැනි හේතූන් නිසා, මේ පැරණි කෘතිය අද දක්වා ම කිතුනු ලොවේ ගෞරවාදරයට ලක් වී ඇත.
Currently Selected:
ගීතාවලිය හැඳින්වීම: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: