ගීතාවලිය 85
85
ජාතික අභිවෘද්ධිය සඳහා යාච්ඤාවක්
කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1සමිඳාණන් වහන්ස,
ඔබ දේශයට කරුණා කළ සේක;
ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.
2ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක;
ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.
3ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක;
ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.
4අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව.
ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.
5සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද?
ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?
6ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.
7සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව.
ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව.
8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි,
මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.
9එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය.
සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය.
දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය.
දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක.
අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය.
එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Currently Selected:
ගීතාවලිය 85: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in