ගීතාවලිය 80:5-8
ගීතාවලිය 80:5-8 SNRV
දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක. අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය. සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව. ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.





