ගීතාවලිය 79
79
ජෙරුසලම ගැන විලාපය
ආසාප්ගේ ගීතයකි.
1 #
2 රාජා 25:8-10; 2 වංශා 36:17-19; ජෙර 52:12-14 අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්රමණය කළෝ ය.
ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය.
ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.
2ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය.
ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය.
3ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය.
ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය.
4අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු;
අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
5අහෝ සමිඳුනි!
ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද?
සදහට ම ද?
ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?
6ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව.
ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව.
7මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය;
ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය.
8අපේ පියවරුන්ගේ දුෂ්ට ක්රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව.
ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව.
අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
9අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව;
ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
10“ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද?
ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්රකාශ වේ වා!
11ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා!
මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!
12අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත.
එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.
13එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු.
පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.
Currently Selected:
ගීතාවලිය 79: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: