ගීතාවලිය 52
52
දුෂ්ටකමේ දුර්විපාක
දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි.
1 #
1 සාමු 22:9-10
එම්බා බලවන්තය!
ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද?
දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
2දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද?
ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය;
ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
3යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය.
ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.
4එම්බා කපටි දිව!
විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.
5දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක;
එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.
6එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය;
ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:
7“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය;
තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”
8මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි.
දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.
9ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි.
ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය.
එබැවින් මම එය පතුරා හරින්නෙමි.
Currently Selected:
ගීතාවලිය 52: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in