ගීතාවලිය 42
42
දෙ වන කාණ්ඩය
(ගීතා 42—72)
මවු බිමෙන් ඈත් වූවෙකුගේ පැතුම
කෝරාගේ පුත්‍රයන්ටයි.
1දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත.
2දෙවියන් වහන්සේ කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය.
මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද?
3‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි.
4බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්,
මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.
5ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ?
ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ?
දෙවි තුමන් ගැන බලා සිටිමි.
මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
6මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.
7ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි.
ඔබේ රළ පතර මා වසාගෙන ඇත.
8එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා!
රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!
9මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි:
“ඔබ මා අමතක කෙළේ මන් ද?
සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”
10මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්,
කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
11ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ?

Currently Selected:
ගීතාවලිය 42: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: