YouVersion Logo
Search Icon

ගීතාවලිය 38:12-22

ගීතාවලිය 38:12-22 SNRV

මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත; මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති. බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත. මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය. සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය. මාගේ දුක ගැන ප්‍රීති වන්නට සතුරන්ට ඉඩ නුදුන මැනව; මාගේ වැටීම ගැන උදන් ඇනීමට ද ඉඩ නුදුන මැනව. මාගේ වැටීම ඉතා ළඟ ය; මාගේ වේදනාවට කෙළවරක් නැත. මම පාපය ගැන උච්චාරණය කරමි; ඒ ගැන ළතැවෙමි. මාගේ සතුරෝ සනීප ශක්තියෙන් සිටිති; නිකරුණේ මට වෙර බඳින අය වැඩි වේගන එති. යහපතට නපුර කරන අය, මා හරි දේ කරන බැවින් මට සතුරු වී සිටිති. සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව. මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 38:12-22