YouVersion Logo
Search Icon

ගීතාවලිය 29:2-10

ගීතාවලිය 29:2-10 SNRV

හිමිතුමාණන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමාණෝ නමදින්න. සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක. සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය. සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක. සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි; සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමිතුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති. සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.

Related Videos

Verse Image for ගීතාවලිය 29:2-10

ගීතාවලිය 29:2-10 - හිමිතුමාණන් නමට දිය යුතු මහිමය දෙන්න;
පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමාණෝ නමදින්න.
සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ.
ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
සමිඳාණන්ගේ හඬ බලවත් ය;
සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි;
ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.
ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.
සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;
සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි;
හිමිතුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.
සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.
සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක;
රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.