ගීතාවලිය 19
19
මැවිල්ලෙන් පළ වන දේව මහිමය
දාවිත්ගේ ගීතයකි.
1අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය;
ගුවන් තලය එතුමාණන්ගේ අත්කම් විදහා පාන්නේ ය.
2එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය;
එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
4 #
රෝම 10:18
එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
5මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,
6හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති.
එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.
සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව
7සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය;
ජීවිතය පණ ගන්වන්නේ ය.
සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය;
අනුවණයන්ට නුවණ දෙන්නේ ය.
8සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය;
සිතට සතොස වඩන්නේ ය.
සමිඳුන්ගේ අණසක පැහැදිලි ය;
දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය;
එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
12මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද?
නොදැන මා කළ පව් සෝදා හළ මැනව.
13උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව.
එහි බලපෑමට මම යටත් නොවෙම්වා.
එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.
14මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
Currently Selected:
ගීතාවලිය 19: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in