ගීතාවලිය 17
17
නිදොස් කෙනෙකුගේ ආයාචනය
දාවිත්ගේ යාච්ඤාවකි.
1සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව;
මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
2මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා!
ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා!
3ඔබ මසිත උරගා බැලූ සේක;
රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක;
ඔබ මා විමසා බැලූ සේක;
එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.
4අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි.
ඔබේ නීති පිළිපැද්දෙමි;
සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි.
5ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි.
ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත.
6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි.
මා අයැදුමට කන් යොමු කළ මැනව;
මාගේ බස් ඇසුව මැනව.
7මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව;
ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
8ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න;
ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.
9වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.
10මා සතුරන්ට දයාව නැත;
ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.
11මා වටකර සැම දෙසින් බලා සිටිති;
මා බිම හෙළීමට මාන බලති.
12ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය;
රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය.
13සමිඳුනි, නැඟිටිනු මැනව;
මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව;
ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව;
14ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව.
දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත.
ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව;
ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
Currently Selected:
ගීතාවලිය 17: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in