YouVersion Logo
Search Icon

ගීතාවලිය 148

148
මුළු විශ්වයෙන් සමිඳාණන් වහන්සේට පැසසුම්
1සමිඳාණන් වහන්සේ පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න.
උස් තැන්හි දී ඔබ හැම එතුමාණෝ පසසන්න.
2එතුමාණන්ගේ සියලු දූතයෙනි, එතුමාණෝ පසසන්න.
එතුමාණන්ගේ මුළු සේනාවෙනි, එතුමාණෝ පසසන්න.
3ඉර හඳ මඬලෙනි, එතුමාණෝ පසසන්න.
දිළිහෙන තරු සියල්ලෙනි, එතුමාණෝ පසසන්න.
4උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමාණෝ පසසන්න.
5ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා!
මන්ද, එතුමාණෝ අණ කළ සේක.
එවිට ඒවා මවන ලද්දේ ය.
6එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක.
ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.
7මහ මුහුද හා එහි වසන මසුනි,
8ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමාණන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.
9කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,
10වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.
11මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි,
12තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න.
13මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා!
එතුමාණන්ගේ නාමය පමණක් උදාරතර ය.
එතුමාණන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
14එතුමාණන්ගේ සියලු සෙනඟ ද එතුමාණන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in