ගීතාවලිය 121
121
අපේ එක ම පිහිට
1කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි.
මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?
2මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය.
අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.
3එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක.
අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.
4ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය.
5සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය.
සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක.
6දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය.
රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.
7සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක;
ඔබේ ජීවිතය රැකවල් කරන සේක.
8මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.
Currently Selected:
ගීතාවලිය 121: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in