ගීතාවලිය 12:1-6
ගීතාවලිය 12:1-6 SNRV
සමිඳාණන් වහන්ස, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත. මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි. සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න. ඔව්හු මෙසේ උදන් අනති: “අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?” අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.” කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.




