ගීතාවලිය 105
105
ප්‍රශංසා ගීයක්
1සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්‍රියා පළ කරන්න.
2එතුමාණන්ට ගී ගයන්න;
එතුමාණන්ට පසස් ගී ගයන්න;
එතුමාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න;
සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4සමිඳාණන් ද එතුමාණන්ගේ බලය ද සොයා බලන්න;
එතුමාණන් හමුව නිතර ම සොයන්න.
5-6එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය.
එතුමාණන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
8එතුමාණෝ පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9 #
උත් 12:7; 17:8; 26:3 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක.
ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
10 #
උත් 28:13
එය, එතුමාණෝ ජාකොබ්ට පනතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
11“නුඹලාගේ උරුමය වශයෙන් කානාන් දේශය නුඹලාට දෙන්නෙමි”යි වදාළ සේක.
12ඔව්හු ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි ආගන්තුකයන් වී සිටියෝ ය.
13ඔව්හු ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද සැරිසරමින් ගියෝ ය.
14 #
උත් 20:3-7
එකල්හි, ඔවුන්ට තාඩන පීඩන කරන්න එතුමාණෝ කිසිවෙකුට ඉඩ නුදුන් සේක.
එසේ ය, එතුමාණෝ රජුන්ට පවා තරවටු කොට,
15“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න.
මාගේ දිවැසිවරුන්ට, අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.
16 #
උත් 41:53-57
සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක;
කෑම අහේනියක් ඇති කරවූ සේක.
17 #
උත් 37:28; 45:5 එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක.
එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය.
18 #
උත් 39:20—40:23
ඔහුගේ පාදවලට විලංගු දමන ලදී;
ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී.
19ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.
20 #
උත් 41:14
එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය.
ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය.
21 #
උත් 41:39-41
රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය.
මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය.
22රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය.
මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය.
23 #
උත් 46:6; 47:11 ඉන්පසු ජාකොබ් මිසරයට ගියේ ය.
ඔහු ඒ රටේ පදිංචි විය.
24 #
නික්ම 1:7-14
සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක;
ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.
25ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක.
26 #
නික්ම 3:1—4:17
එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක.
27ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය;
මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය.
28 #
නික්ම 10:21-23
සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක.
එහෙත්, මිසර වැසියෝ එතුමාණන්ගේ අණට කීකරු නො වූ හ.
29 #
නික්ම 7:17-21
එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක;
එහි විසූ සියලු මසුන් මැරූ සේක.
30 #
නික්ම 8:1-6
ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය;
රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය.
31 #
නික්ම 8:16-17,20-24 එතුමාණෝ අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය.
32 #
නික්ම 9:22-25
එතුමාණෝ වැසි වෙනුවට ගල් වැසි ද විදුලි කෙටීම් ද ඔවුන්ගේ දේශයට එවූ සේක.
33එතුමාණෝ ඔවුන්ගේ මිදිවැල් හා අත්තික්කා ගස්වලට පහර දී ඔවුන්ගේ දේශ සීමා තුළ සියලු ගස් බිඳ හෙළූ සේක.
34 #
නික්ම 10:12-15
එතුමාණන් අණ කළ විට පළඟැටියෝ ද අසංඛ්‍ය ගණන් දළඹුවෝ ද ආවෝ ය.
35උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ;
ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.
36 #
නික්ම 12:29
එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.
37 #
නික්ම 12:33-36
එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක.
ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලයෙක් වත් නො වී ය.
38ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ.
මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ.
39 #
නික්ම 13:21-22
සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක.
රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
40 #
නික්ම 16:2-15
ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක.
එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.
41 #
නික්ම 17:1-7; ගණන් 20:2-13 එතුමාණෝ පර්වතය විවර කළ සේක;
එවිට ජලය වේගයෙන් පැන නැංගේ ය.
ගංගාවක් මෙන් මරුකතර මැදින් ජලය ගලා ගියේ ය.
42එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක.
43මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක.
ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.
44 #
ජෝෂු 11:16-23
එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක;
විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
45එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Currently Selected:
ගීතාවලිය 105: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: