YouVersion Logo
Search Icon

ගීතාවලිය 104:10-24

ගීතාවලිය 104:10-24 SNRV

සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි. ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති. ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති. එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමාණන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය, එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක. සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්, සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි. කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති. වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ. මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති. සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති. හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති; ගුහාවලට වැද ලැගුම් ගනිති. එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි. සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 104:10-24