ගීතාවලිය 103
103
දේව ප්‍රේමය
1මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න;
හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.
2මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
5රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
6සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක.
පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8 #
ජාකො 5:11
සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
9එතුමාණෝ නිතර තරවටු නොකරන සේක;
සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.
10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
11මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
12නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
13පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
14මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක;
අප ධූලි බව සිහි කරන සේක.
15මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;
16එහෙත්, සුළං පහර වැදී එය නැති වී යයි;
එය තිබුණ තැන වත් දක්නට නොලැබේ.
17සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.
18එතුමාණන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමාණන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්,
එතුමාණන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
19සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක.
එතුමාණන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
20සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමාණන්ගේ වචනයට සවන් දෙන, එතුමාණන්ගේ බලවන්ත දූතයෙනි, එතුමාණෝ පසසන්න.
21සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමාණන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.
22සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න.
මාගේ සිත, සමිඳුන් පසසන්න.
Currently Selected:
ගීතාවලිය 103: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: