YouVersion Logo
Search Icon

හිතෝපදේශ 5:3-10

හිතෝපදේශ 5:3-10 SNRV

වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය; එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත. ඇගේ දෙපා මරණය බලා යයි; ඇගේ පියවර පාතාල ලෝකයට යයි; ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය. එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න; මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න. එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න. එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත. ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 5:3-10