හිතෝපදේශ 3:27-30
හිතෝපදේශ 3:27-30 SNRV
ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න. හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න. ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න. ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.





