හිතෝපදේශ 28
28
1කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි;
එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.
2කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.
3දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
4නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති;
නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.
5නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති;
සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.
6වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
7නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි;
දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.
8වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.
9දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
10අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය;
එහෙත් සත්පුරුෂයා ආසිරි ලබනු ඇත.
11ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි;
එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.
12දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති.
දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.
13තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි;
වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.
14දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත;
මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.
15දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.
16නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි;
අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.
17මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි;
කිසිවෙකු එය නොවළක්වත්වා.
18අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි;
වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.
19වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය;
නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.
20විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය;
ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.
21තරාතිරම් බැලීම හරි නැත;
බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
22වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි;
කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.
23කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
24දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.
25තණ්හාව ඇත්තා කලහ අවුස්සයි;
සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.
26හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි;
නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි.
27දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත;
දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
28නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති;
ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.
Currently Selected:
හිතෝපදේශ 28: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: