YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:1-5

හිතෝපදේශ 2:1-5 SNRV

මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න; මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න. ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:1-5