ගණන් කථාව 6:1-8
ගණන් කථාව 6:1-8 SNRV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට එවැන්නෙකු මිදියුස ද මත්පැන් ද පානය නොකළ යුතු ය. තවද, ඔහු මිදියුසේ කාඩි හෝ මත්පැනක කාඩි හෝ මිදි ගෙඩිවලින් පෙරාගත් මත් වන බීමක් හෝ පානය නොකළ යුතු ය. වියළි මිදි හෝ අමු මිදි ගෙඩි හෝ නොකෑ යුතු ය. කැප වූ මුළු කාලය තුළ ම ඔහු මිදි වැලෙන් හෝ මිදි ගෙඩියේ මදයෙන් හෝ ලෙල්ලෙන් හෝ සෑදූ කිසිවක් නොකෑ යුතු ය. ‘තවද, සමිඳාණන් වහන්සේට තමන් කැප කරගත් මුළු කාලය තුළ ම, එය අවසාන වෙන තෙක් ම ඔහු තම හිස කෙස් නොකැපිය යුතු ය. ඒ කාලයේ දී ඔහු ශුද්ධ කෙනෙකු වනු ඇත. තම කේශ කලාපය ද වැඩීමට ඉඩ දිය යුතු ය. මේ කාලය තුළ දී ඔහු කිසි ම කෙනෙකුගේ මළකඳක් සමීපයට නොපැමිණිය යුතු ය. තම පියා හෝ මව හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ මියගිය විට පවා, තමා අපවිත්‍ර නොවිය යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේට කැපවීමේ ලකුණු තම හිස මත දරන බැවිනි. තමන් කැප වූ මුළු කාලය තුළ ම ඔහු සමිඳාණන් වහන්සේට කැප වූ කෙනෙකි.


