ගණන් කථාව 5:5-10
ගණන් කථාව 5:5-10 SNRV
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත. එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය. එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය. තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ ”යි වදාළ සේක.


