ගණන් කථාව 17
17
ආරොන්ගේ පූජකවරය ස්ථීර කිරීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 2“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න. 3ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් ඇති සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. පිය පෙළපත් අනුව එක ගෝත්‍ර නායකයෙකුට එක සැරයටියක් බැගින් තිබිය යුතු ය. 4සම්මුඛ මණ්ඩපයේ නුඹට මා හමු වන ගිවිසුම් කරඬුව අබිමුව නුඹ ඒවා තැබිය යුතු ය. 5මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක.
6මෝසෙස් මේ කරුණ ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට, ඔවුන්ගේ ගෝත්‍ර මූලිකයෝ, පිය පෙළපත් අනුව එක එක ගෝත්‍රයට එක බැගින්, සැරයටි දොළසක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒවා අතර විය. 7ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවා තැබී ය.
8 #
හෙබ්‍රෙ 9:4
පසු දින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමයකි, ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් තිබූ ආරොන්ගේ සැරයටිය ලියලා තිබිණි. එහි මොට්ටු හටගෙන මල් පිපී, ඉදුණු කොට්ටම්බා ඇති විය. 9මෝසෙස් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටින් සැරයටි සියල්ල ඉශ්රායෙල් ජනයා වෙත පිටතට ගෙනාවේ ය. ඔව්හු ඒවා බලා, තම තමන්ගේ සැරයටි ගත්තෝ ය. 10සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක. 11සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කෙළේ ය.
12ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට කතා කොට, “ඔන්න, අපි විනාශයි, අපි ඉවරයි, අපි සියල්ලෝ ම නැතිනාස්ති වී ඉවරයි. 13සමිඳාණන් වහන්සේගේ කූඩාරමේ කිසි ම බඩුවක් ළඟට යන්නේ කවරෙක් ද, ඔහුට මරණය නියත ය. අනේ! අපේ අවසානය මෙය දැ”යි ඇසූ හ.
Currently Selected:
ගණන් කථාව 17: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: