ශුද්ධවර මතෙව් 24:45-47
ශුද්ධවර මතෙව් 24:45-47 SNRV
“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද? ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.





