YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 24:4-8

ශුද්ධවර මතෙව් 24:4-8 SNRV

ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න. මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්‍රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති. යුද්ධ හා යුද්ධ පිළිබඳ කටකතා ඔබට ඇසෙනු ඇත. ඒවාට බිය නොවන්න. මන්ද, මේ සියල්ල සිදුවනු නියත ය. එහෙත්, අවසානය තව ම පැමිණ නැත. ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත. මේ සියල්ල නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 24:4-8