YouVersion Logo
Search Icon

විලාප ගී 3:1-20

විලාප ගී 3:1-20 SNRV

එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය. එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක. සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක. එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක. එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක. පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක. බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක. මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක. එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක. එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක. එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක. එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක. එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.” මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය. මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.

Video for විලාප ගී 3:1-20

Free Reading Plans and Devotionals related to විලාප ගී 3:1-20