YouVersion Logo
Search Icon

ජෝෂුවා 10:11-14

ජෝෂුවා 10:11-14 SNRV

තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ. සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.” එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය. සමිඳාණන් වහන්සේ මිනිසෙකුගේ හඬට සවන් දුන් එබඳු දවසක් මීට පෙර වත්, ඊට පසු වත් නො වී ය; මන්ද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ උදෙසා සටන් කළ සේක.

Free Reading Plans and Devotionals related to ජෝෂුවා 10:11-14