ජෝබ් 6
6
ජෝබ්ගේ පිළිතුර
1-2ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
“අනේ!
මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?
3කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය;
මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?
4සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත;
ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත.
දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
5තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද?
පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?
6ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද?
බිත්තර සුදු මදයේ කවර රසක් ඇද් ද?
7එවන් කෑම කන්නට මට ප්‍රිය නැත;
මා කන හැම දේ ම මට අප්‍රිය වේ.
8මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?
9දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!
10එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත;
මාගේ දැඩි දුක මැද මම සතුටින් නටන්නෙමි.
මන්ද, කිසි දාක මම ශුද්ධ දෙවිඳුන්ගේ වචනය ප්‍රතික්ෂේප නොකෙළෙමි.
11මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද?
මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?
12ගල් බඳු සවියක් මට ඇද් ද?
මාගේ සිරුර ලෝකඩයෙන් තනා ඇද් ද?
13විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත;
පිහිටක් සොයමින් කොයි අත යම් ද?
14මා දෙවිඳුන් අත්හැරියත්, නැතත්, මෙවන් දුකේ දී හිත මිතුරෝ අවශ්‍ය වෙත්.
15එහෙත්, මා මිතුරන් වන ඔබ ඔයක් මෙන් ද
ඉඩෝරයේ දී වේළී යන දිය කඩක් මෙන් ද මා රැවටුවහු ය.
16ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.
17ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.
18තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති.
එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.
19තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය;
ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.
20ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි;
එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.
21විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න.
22මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්,
23රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
24හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න;
මාගේ වැරදි පෙන්වා දෙන්න;
මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.
25නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද?
එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?
26මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද?
එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද?
27ඔබ බලන්නේ, කාත් කවුරුත් නැති කෙනෙකු දාදු දමා අයිති කරගන්නට ද?
සිය මිතුරා වෙළෙඳ බඩුවක් ලෙස තක්සේරු කරන්නහු ද?
28ඉතින් කරුණාකර මා දෙස බලන්න.
ඔබේ මුහුණට ම මම බොරු නොකියමි.
29ඔය කිව්වා හොඳට ම ඇති!
මා ගැන අයුතු කතා නවත්වන්න;
මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය;
මට වරද නොතබන්න.
30මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද?
ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?
Currently Selected:
ජෝබ් 6: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in