ජෝබ් 38
38
දෙවිඳාණන් ජෝබ් ඇමතීම
1එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
2“අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?
3එඩිතර ව මිනිසෙකු මෙන් නැඟිට සිට මාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.
4මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?
5එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද?
ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද?
දන්නෙහි නම් කියව.
6එය දරා සිටින මහ කුලුණු රඳා ඇත්තේ කුමක් පිට ද?
එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?
7ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය.
සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ.
8පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
9 #
ජෙර 5:22
මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
10මුහුදේ මායිම් නියම කෙළේත්, එහි දොර අගුල් තැබුවේත් මම ය.
11‘මේ දක්වා එන්නෙහි ය;
මින් එහා නොයන්නෙහි ය;
නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
12ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?
13පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
14හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි;
ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.
15දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය.
එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.
16නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද?
මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?
17මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද?
අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
18මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද?
දන්නෙහි නම් මට කියව.
19ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?
20නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද?
නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?
21නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
22ම විසින් හිම හා ගල් වැහි තැන්පත් කරනු ලැබ ඇති ගබඩාවලට නුඹ කවදාවත් ගොස් තිබේ ද?
23ඒවා විපත හා යුද කෝලාහල ඇති වන කාලය සඳහා සූදානම් කොට තබා ඇත.
24හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?
25කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද?
අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?
26මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද?
27නිල් තණකොළ වැවෙන ලෙසට වියළි පොළොව නිලෙන් වසන්නට ජලය සපයන්නේ කවරෙක් ද?
28වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?
29වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
30හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
31 #
ජෝබ් 9:9; ආමො 5:8 හත්දින්නේ තරු වැළ බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකි ද?
32නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද?
මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද?
33අහසේ නක්ෂස්ත්ර නීති නුඹ දන්නෙහි ද?
පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?
34මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?
35විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?
36නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද?
37ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද?
අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද?
38වැසි වැස්වීමෙන් දූවිලි දැඩි කොට පස් පිඬලි සකස් කරන්නේ කවරෙක් ද?
39-40නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද?
තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?
41කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
Currently Selected:
ජෝබ් 38: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: