ජෝබ් 30
30
තමාට දැන් පැමිණ ඇති විපත
1“එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති.
ඔවුන්ගේ පියවරු මාගේ ගව රැළ රකින බල්ලන් සමඟ නවතින්න වත් වටිත් යයි මම නොසිතුවෙමි.
2ඔව්හු, වැඩපල කිරීමට දෑතේ ශක්තිය නැති, කාය බලය පිරිහී ගිය මනුෂ්‍යයෝ ය.
3හිඟකම ද සාගතය ද නිසා දිවි රැක ගන්න පිණිස ඔව්හු පාළුකරයේ වියළි මුල් විකා කෑහ.
4ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ;
කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.
5මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ.
සොරුන්ට මෙන් ඔවුන්ට විරුද්ධ ව කෑගසමින් මිනිස්සු ඔවුන් ලුහුබැඳ ගියහ.
6අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.
7කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.
8ඔව්හු කමකට නැති, තකතීරුවන්ගේ පුතුන් මෙන් වූ හ.
ඔව්හු රටෙන් නෙරපාදමනු ලැබූ හ.
9එහෙත් දැන්, ඔවුන්ගේ සිනාවට ලක් වී විහිළුවක් වී සිටිමි.
10ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති;
මාගේ මූණට කෙළ ගැසීමට වුවත් ඔවුන්ට බියක් නැත.
11දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.
12මේ කලහකාරී පිරිස දකුණු පසින් මට පහර දෙති;
මා තල්ලු කර දමති;
මට විරුද්ධ ව අවසාන ප්‍රහාරයට සැරසී සිටිති.
13ඔව්හු මාගේ මාර්ග අවහිර කරති;
කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.
14මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.
15භීතියෙන් මම මිරිකී සිටිමි.
මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
16මාගේ අවසානය ඉතා ආසන්න ය.
මාගේ විපතේ දී මට සහනයක් නැත.
17රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත.
මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.
18එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ.
මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.
19එතුමාණන් මා මඩේ හෙළා ඇත;
මම කුණු කසළ මෙන් වී සිටිමි.
20මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක;
මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;
21ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක;
ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.
22ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක.
කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.
23මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.
24නටබුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද?
මට කළ හැකි එක ම දෙය නම්, දයාව ඉල්ලා කන්නලව් කිරීම ය.
25දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද?
දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?
26සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය;
එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.
27දහදුකින් මම පීඩිත වී සිටිමි;
විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.
28මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි;
සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.
29මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.
30මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි;
මාගේ ඇටකටු උණෙන් දැවී යයි.
31මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
Currently Selected:
ජෝබ් 30: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: