ශුද්ධවර ජොහන් 11:1-3
ශුද්ධවර ජොහන් 11:1-3 SNRV
මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය. මේ මරියා වනාහි, සමිඳාණන් වහන්සේ සුවඳ විලේපනයෙන් ආලේප කර, සිය හිසකේවලින් උන් වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය ය. රෝගාතුර ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය. එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.





