YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 10:7-15

ශුද්ධවර ජොහන් 10:7-15 SNRV

එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය. මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය. “යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය. එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය. ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය. “යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි.

Verse Image for ශුද්ධවර ජොහන් 10:7-15

ශුද්ධවර ජොහන් 10:7-15 - එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය. මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.
“යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය. එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය. ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය.
“යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි.