වීරාවලිය 7:5-6
වීරාවලිය 7:5-6 SNRV
ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක. තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය.





