ජාකොබ් 4:13-15
ජාකොබ් 4:13-15 SNRV
“අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය.





