යෙසායා 60
60
ජෙරුසලමේ නවෝදය
1ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න.
ඔබේ ආලෝකය දැන් උදා වී ඇත.
සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
2පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.
3ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.
4ඔබේ ඇස් ඔසවා අවට බලන්න;
ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති.
ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත.
ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.
5මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය.
ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය.
මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය.
ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.
6ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි.
ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.
7කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති;
උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති.
සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.
8වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?
9මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති.
නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත.
දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත.
නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි.
මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
10සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක:
“විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය.
ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.
11 #
එළිද 21:25-26
ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
12ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය.
එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.
13මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමටත්, මා වැඩවසන ශුද්ධ මන්දිරය තේජවන්ත කිරීමටත්, ලෙබනොන්හි අනර්ඝ දේවදාර ගස් ද හල් ගස් ද නුඹ වෙත ගෙනෙනු ඇත.
14 #
එළිද 3:9
නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත.
නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත.
ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
15එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
16මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති.
ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
17මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි.
නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි.
18නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය.
නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
19 #
එළිද 21:23; 22:5 මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය;
රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය;
සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක.
ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
20ඔබේ හිරු තවත් බැස යන්නේ නැත;
ඔබේ සඳ බැස යන්නේත් නැත.
සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක.
ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.
21ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය;
ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය;
මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
22කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය.
නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි.
මම සමිඳු වෙමි.”
Currently Selected:
යෙසායා 60: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: