යෙසායා 48:17-18
යෙසායා 48:17-18 SNRV
නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය. නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.








