යෙසායා 42:5-6
යෙසායා 42:5-6 SNRV
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.





