යෙසායා 31
31
දෙවියන් වහන්සේ ජෙරුසලම ආරක්ෂා කිරීම
1උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත!
ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති.
එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති;
සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
2එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක.
එතුමාණෝ විනාශය එවන සේක.
දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.
3මිසරවාසීහු දෙවිවරු නොවෙති.
ඔව්හු මනුෂ්‍යයෝ ය.
ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත;
ඔව්හු ඇට මස්වලින් යුක්ත ය.
සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය.
එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය.
ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.
4සමිඳාණෝ මට මෙසේ වදාළ සේක:
“සතෙකු ගොදුරු කරගත් සිංහයෙකු හෝ සිංහ පොව්වෙකු හෝ එඬේරුන් කොතරම් කෑමොරගැසුවත් බියගන්වා එළවාදමන්නට ඔවුන්ට නොහැකි ය.
එමෙන් ම සියොන් කන්ද ආරක්ෂා කිරීමෙන් සව් බලැති සමිඳුන් වන මා වැළැක්විය හැකි කිසිවෙක් නැත.
5කුරුලු පැටවුන් ආරක්ෂා කරන පිණිස කුරුල්ලෙකු ඉහළින් පියාසර කරන්නාක් මෙන් සව් බලැති සමිඳාණන් වන මම ජෙරුසලමට රැකවරණය දී, එය රැක බලා, ආරක්ෂාකර මුදාගන්නෙමි.
6“ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න. 7පාපයට පෙළඹී, රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේ ය.
8“එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය.
ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය.
ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.
9ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය.
නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය.
මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන,
එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”
Currently Selected:
යෙසායා 31: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: