YouVersion Logo
Search Icon

උත්පත්ති 5:1-5

උත්පත්ති 5:1-5 SNRV

ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 5:1-5