YouVersion Logo
Search Icon

උත්පත්ති 41:14-16

උත්පත්ති 41:14-16 SNRV

එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය. ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 41:14-16