ගලාති 3:21-24
ගලාති 3:21-24 SNRV
එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි. එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය. පැමිණෙන්ට තිබුණු ඇදහීම එළිදරව් වන තෙක්, ඒ ඇදහීම පැමිණෙන්ට පෙර, අපි හිර අඩස්සි වී ව්‍යවස්ථාව යටතේ රැකවල් කරනු ලැබුවෙමු. මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය.





